සාම්ප්‍රදායික දිස්ත්‍රික් ලේකම් කාර්යයාලවල ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් වැඩ කරන දිස්ත්‍රික්කයක් යන තේමාව ඔස්සේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය මගින් නව වැඩසටහන් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය සඳහා සහාය දීම, පාසල් අධ්‍යාපනය නිම කරන සිසුන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීම, දිස්ත්‍රික්කයේ ත්‍රීරෝද රථ රියදුරන් පුහුණු ශ්‍රමිකයින් බවට පත් කිරීම ඇතුළු වැඩසටහන් 12 ක් ඊට ඇතුළත් වනවා.
සේෆ්ටි කිඩ්ස් නමින් අන්තර්ජාල මාර්ගගත ළමා රක්ෂණ මෘදුකාංගයක් ද එම වැඩසටහන යටතේ හඳුන්වාදී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ලේකම් එල් ජේ එම් ජී චන්ද්‍රසිරි බණ්ඩාර මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.