කොවීඩියානු සංස්කෘතිය ඇතුලේ පසුගිය මාස වල විවිධ වෙනත් කළමනාකරණ උපක්‍රම වලට යන්න අපිට සිදු වුණා. මහජනතාව ගෙවල් වලට සීමා වූ වෙලාවේ අපට තිබුණ බරපතලම අභියෝගයක් තමයි විවිධ බිල්පත් ගෙවීම් නිවසේ සිට සිදු කරන්නේ කොහොමද කියන එක.ඒ වෙලාවේ අපේ ග්‍රාම නිලධාරීන් විවිධ උපක්‍රම යොදමින් මහජනතාවට සහාය වුණා.
මේ අතරේ තමයි මමත් Mobitel ආයතනයේ දිස්ත්‍රික් කළමනාකරු ජනක මොලගොඩ මහතා හා අපේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී උපාලි මහතා ඇතුළු අපේ කණ්ඩායම වෙනත් විදිහේ තීරණයක් ගත්තේ. මේ වෙලාවේ අපි ගත්තු තීරණය තමයි විශේෂ අවශ්‍යතා ඇති අය හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක්ට ආදායම් යන විදියක් හදන ගමන් අර ඉහත ගැටළුවලට උත්තරයක් හොයන එක.
මොබිටෙල් සමාගමේ ජනක මොලගොඩ මහතා අපට කීවා ඒ සඳහා මැදිහත් වීමක් කරන්න පුළුවන් බව. ඒ අනුව අපි එකඟ වුණා විශේෂ අවශ්‍යතා ඇති පවුල් තුළින් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් නියෝජිතයෙක් බැගින් පත් කර ගන්න.ඔවුන් කරන්නේ ගමේ ගෙවල්වලට ගිහිල්ලා හිඟ බිල්පත් ගෙවීම් සිදු කරන එක.එහිදී අපේ ආබාධිත පවුල්වලට එම බිල්පත් එකතු කිරීම වෙනුවෙන් කොමිස් මුදලක් ලැබෙනවා. මේ සඳහා මොබිටෙල් ආයතනය කලාප ප්‍රධානී දෙනම් පෙරේරා මහතාගෙන් ලැබුණු ධෛර්යය අසීමිතයි. අද ජයග්රාහි දවසක් වන්නේ අපි හදපු කණ්ඩායමට පත්වීම් ලිපි ප්රදානය කිරීමට හැකිවූ නිසයි. අපි අදහස් කරන ආකාරයට මෙම පවුලකට රුපියල් 15,000 පමණ ආදායමක් මසකට ලබාගත හැකි වෙනවා.
අද පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පටන් ගැනෙන මෙම වැඩසටහන ඉදිරි දිනවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා විහිද යනවා.
අපේ ප්‍රාදේශීය ලේකම්වරු, සමාජ සේවා නිලධාරීන්ට මග පෙන්වමින් ඒ සඳහා ලහි ලහියේ වැඩ කරනවා. අපේ ඉලක්කය මෙවැනි ග්‍රාමීය ඒජන්තවරු 500ක් බිහි කරන්න.මේ අතර සමාජ සේවා අංශයේ ප්‍රධාන අරමුණු 05 අතරට ගැනීම එහි තවත් එක් අරමුණක්.
අද උත්සවයට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා, පල්ලම ප්‍රාදේශීය ලේකම් ලක්ෂිමා දිමුතු කුමාරි මහත්මිය, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි උපාලි මහතාත් සංවිධාන දායකත්වය ලබාදුන් සමාජ සේවා නිලධාරිනී උපේක්ෂා අධිකාරි, ඒ.එච්.එම් චන්ද්රවතී මහත්මීන්ටත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන්ටත් ස්තුතියි..
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |