Dist Reg

 

පුත්තලම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පුරවැසි ප්‍රඥප්තිය

මහජනතාව /සේවාලාභීන් වෙනුවෙන් අප විසින් ඉටු කරනු ලබන සේවාවන්,

  • අවංකව ද
  • කාර්යක්ෂමව ද
  • ආචාරශීලිව ද
  • නිත්‍යානූකූලව ද
  • අපක්ෂපාතීව ද
  • ඵලදායිව ද
  • විනිවිධභාවයෙන් යුක්තව ද
  • අප්‍රමාදව ද
  • වගකිමෙන්ද

ඉටු කිරීමට කැපවි සිටින බව මෙම ප්‍රඥප්තියෙන් ප්‍රකාශ කර සිටිමු.

අපගේ අපේක්ෂාව

" කාර්යක්ෂම ඵලදායි සේවාවක් තුලින් ජනතාවගේ පැතුම් සඵල කිරිම ".

අපගේ ප්‍රමිතීන්

  • ඔප්පු ලියාපදිංචි කිරීම  දින 01
  • පත්ඉරු/ඔප්පු පිටපත් නිකුත් කිරිම  පැය 01
  • පිළියෙල කරන ලද හිමිකම් සහතික පත් නිකුත් කිරීම විනාඩි 10
  • හිමිකම් සහතිකයේ /රෙජිස්ටරයේ උධෘත නිකුත් කිරීම විනාඩි 10
  • කැඩැස්තර සිතියම් උධෘත නිකුත් කිරීම විනාඩි 10
  • කල්ගිය උපත් සඳහා අනුමැතිය දිම හා අනුමාන සහතික නිකුත් කිරිම දින 01

පැමිණිළි හා ගැටළු නිරාකරණය කිරීම පිළිබදව අපගේ විධිවිධාන

අප කාර්යාලයේ සේවය ලබා ගන්නා ඔබ වෙත ආචාරශීලීව, කාර්යක්ෂම සේවයක් සැපයීම අපගේ වගකිම වන අතර, ඒ සදහා අප කාර්ය මණ්ඩලය කැපවි සිටින්නෙමු. 

ඔබට ඇතිවන රාජකාරි සම්බන්ධ ගැටළු නිරාකරණය කිරිම සදහා ඉඩම් රෙජිස්ට්‍රාර් හෝ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරු හමුවිමට කාරුණික වන්න.