පුවත් සහ සිදුවීම්

අපගේ දැක්ම

භෞතික හා මානව සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් ලඟා කර දීම.

 

අපගේ මෙහෙවර

දිස්ක්‍රික්කය තුළ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස්, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම සඳහා භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙය වීම හා සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවර වන්නේය.
 
 
හැදන්වීම.
  • පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වයඹ පලාතට අයත්ව පිහිටා ඇති අතර එය උතුරු දිශාවෙන් මන්නාරම් දිස්ත්‍රික් මායිමේ මෝදරගම් ආරු වලින් ද නැගෙනහිරින් කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් ද දකුණු දිශාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මා ඔයෙන් ද බස්නාහිර දිශාවෙන් ඉන්දියන් සාගරෙයන් ද වට ව පිහිටා ඇත.

    අභ්‍යන්තර ජලාශ ද ඇතුලත් වර්ග කිලෝමීටර් 3013 ක භූමි ප්‍රමාණයක්ද කිලෝමීටර් 288 ක් දිග වෙරල තීරයන්ද දිස්ත්‍රික්කයට අයත් වේ. දිස්ත්‍රික්කය හරහා ගලාබසින දැදුරු ඔය, මී ඔය, බත්තුලු ඔය හා රතඹලා ඔය දිස්ත්‍රික්කයේ සශ්‍රීකත්වය වැඩිකිරීමට විශාල දායකත්වයක් සපයයි.

    හදුනාගත හැකි දේශගුණික කලාප 03ක් දිස්ත්‍රික්කය තුල පවතී. ඒවා නම් මා ඔය හා දැදුරු ඔය අතර කලාපය තෙත් කලාපය ලෙස ද දැදුරු ඔයෙන් උතුරු කලාපය වියලි කලාපය ලෙස ද වැලි පර සහිත කල්පිටිය අර්ධද්විපය ශුෂ්ක කලාපයක් ලෙස ද හදුනාගත හැක.

    ඓතිහාසික පසුබිම.

    ශ්‍රී ලංකාවේ මුලින්ම ජනාවාස ඇති වීමට පුරෝගාමියා වූ ඉන්දියාවේ සිට පැමිණි විජය ඇතුලු පිරිස මුලින්ම ලංකාවට ඇතුල් වුයේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් තම්බපන්ණි ප්‍රාද්ශයෙන් බව ඉතිහාසෙය් සදහන්වේ.

    තවද පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයේ පොම්පරිප්පුව ප්‍රදේශයෙන් කි.පූ. 2000 පමණ යුගයේ ජීවත්වූ මිනිසුන්ගේ ඓතිහාසික සාධක හමුවී ඇත.රි‍

    බෞද්ධ හා හින්දූ පූජණීය ස්ථානයක් වූ මුන්නේස්වරම් පූජා භූමිය පිහිටා ඇත්තේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසයේ සදහන් වන ආකාරයට දඹෙදණි රාජධානි යුගෙය් දී සදහන් වන මුණිසෝම පන්සල මෙය ලෙස ඇතමුන් හදුන්වයි.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැදුරු ඔය අසබඩ පිහිටි වෙහෙර බැදි කැලය ප්‍රදේශය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති නටබුන් රාශියක් හමුවී ඇත.

    කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයතුල කතෝලික බැතිමතුන්ගේ පූජණීය ස්ථානයක්වන ශාන්ත ආනා තලවිල පල්ලිය පිහිටා ඇත.

    ආර්ථික පසුබිම

    පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට යෝග්‍යය මා ඔය හා දැදුරු ඔය අතර ප්‍රදේශයට පොල් ත්‍රිකෝණයට අයත් වේ. පැරණි රජ දවස ඉදිකල කොට්ටුකච්චිය, තබ්බෝව, තිනිපිටිය, කරවිට, කටුපොත හා ඉගිණිමිටිය ජල යෝජනා ක්‍රම යටතේ අදට ද වී වගාව සාර්ථකව සිදු කෙරේ. ප්‍රධාන වාරී පද්ධති ගණයට අයත්වන රදවිබැදි ඇල, නීලබැම්ම වාරීමාර්ග ව්‍යාපෘති වී වගාව මෙන්ම අතුරු භෝග වගාව සිදු කෙරේ.

    වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කජු වගාව සාර්ථකව සිදු කෙරේ. වනාතවිල්ලුව ආසන්න ඒළුවන්කුලම සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා හුණුගල් බහුල ප්‍රදේශයකි.

    වෙන්නප්පුව ප්‍රදේශයේ සිට කල්පිටි, ඒළුවන්කුලම, කරතිවූ ප්‍රදේශය දක්වා දිවෙන වෙරළබඩ තීරයේ මත්ස්‍ය සම්පත බහුලව ඇත. දිස්ත්‍රික්කයේ කරදිය, මිරිදිය හා කිවුල්දිය ධීවර කර්මාන්තය සාර්ථකව සිදුකෙරේ.‍

    දිස්ත්‍රික්කයේ පස ඒළවළු වගාව සදහා ද යෝග්‍යය. ලුණු නිෂ්පාදනය කරනු ලබන දිස්ත්‍රික්ක කීපයෙන් ඒකකි පුත්තලම දිස්ත්‍රික්කය. ඉස්සන් වගාව විශාල ආදායම් ඉපයිය හැකි ව්‍යාපාරයකි. විශාල වශයෙන් විදේශ විනිමය ඉපයිය හැකි ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස පුත්තලම කලපු ප්‍රදේශය හැදින්විය හැක.

    දිස්ත්‍රික්කයේ පරිපාලන ව්‍යුහය.

    දිස්ත්‍රික් පරිපාලනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 කට බෙදේ. ග්‍රාම නිලධාරී කොට්ඨාශ 548 කි. පුත්තලම හා හලාවත නගර සභා 02 ක කින් සමන්විතය. පලාත්පාලන ආයතන 24 කි. ඉන් 10 ක් ප්‍රාදේශීය සභා වන අතර 14 ක් උප සභාය.‍‍

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුත්තලම නගර මධ්‍යයේ පිහිටා ඇත. බලය විමධ්‍යගත කිරීමේ වැඩපිලිවෙල යටතේ ප්‍රාදේශීය පාලනයේ වැඩි වගකීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැවරී ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකිර්ණය තුල විවිධ දෙපාර්තෙම්න්තු අමාත්‍යාංශවලට අයත් දිස්ත්‍රික් නියෝජිත ආයතන පිහිටා ඇත. දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කාර්යාලය, මැතිවරණ කාර්යාලය, විනණ කාර්යාලය, දිස්ත්‍රික් සැලසුම් කාර්යාලය, ලංකා බැංකු ශාඛාව, දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛණ කාර්යාලය, පලාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, වයඹ පලාත් ප්‍රධාන අමාත්‍ය සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය, ලෝක ආහාර අංශය, මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය, සමාජ ආරක්ෂණ මණ්ඩලය, කුඩා ව්‍යාපාර අංශය, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය, ආපදා කලමණාකරන ආයතනය, සංස්කෘතික අංශය, දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාලය යන කර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයතුල පිහිටා ඇත. ‍

    පුත්තලම දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නාම ලේඛණය

    අණු අංකය

    නම

    කාල සීමාව

    1

    ජේ.කෝල්ෆීල්ඩ් මහතා

    1855

    2

    ඩබ්ලිව්.මොරිස් මහතා

    1856

    3

    ටි.සි.පවර් මහතා

    1857-1862

    4

    ඊ.එල්.මිට්ෆෝඩි මහතා

    1863-1865

    5

    ඊ.එන්.ඇනර්ටන් මහතා

    1866-1868

    6

    ඩබ්.සි.මැක්රේඩ් මහතා

    1869-1870

    7

    ඩබ්.ඩී.රයිට් මහතා

    1872

    8

    එල්එස්.ලීසංග් මහතා

    1873

    9

    ජි.ඩබ්.පැටර්සන් මහතා

    1874

    10

    ජේ.බ්.ඒ.බෙයිල් මහතා

    1875

    11

    පි.ඒ.ටෙම්ප්ලර් මහතා

    1876-1883

    12

    සි.එම්.ලිසිංටන් මහතා

    1884

    13

    ඒ.ආර්.ඩෝසන් මහතා

    1885-1886

    14

    සි.එම්.ලිසිංටන් මහතා

    1887

    15

    ආර්.රීඩ් මහතා

    1888-1891

    16

    සි.ඊ.ඩී.පෙනික්වික් මහතා

    1892-1893

    17

    එච්.එච්.කැමරන් මහතා

    1894

    18

    එස්.හාෆ්ටන් මහතා

    1895-1897

    19

    ඊ.ටී.නොයිස් මහතා

    1898

    20

    එච්.ඩබ්.එෆ්.සි.බෝඩ්හර්ට්ස් මහතා

    1899

    21

    බි.කොන්ස්ටන්ටින් මහතා

    1902

    22

    පි.එෆ්.කුක්සන් මහතා

    -

    23

    එච්.ආර්.ප්‍රීමන් මහතා

    1903

    24

    එෆ්.බෝවිස් මහතා

    1904-1905

    25

    ආර්.එල්.තෙයින් මහතා

    1906-1907

    26

    ඒ.සි.ඔල්නට් මහතා

    1908-1909

    27

    ඊ.බි.ඇලෙක්සැන්ඩර් මහතා

    1910-1912

    28

    ජෝන් ස්කොට් මහතා

    1912-1913

    29

    එච්.ඩබ්.කොරින්ටන් මහතා

    1914

    30

    සි.එච්.කොලන්ස් මහතා

    1915

    31

    ඩබ්.ඊ.වෙයිට් මහතා

    1916-1918

    32

    පි.එෆ්.රෝස්ට් මහතා

    1919

    33

    ඩබ්.කේ.එච්.කැම්බල් මහතා

    1920-1921

    34

    එම්.වයි.ආචිබෝල්ඩ් මහතා

    1922

    35

    ඩබ්.කේ.එච්.කැම්බල් මහතා

    1923

    36

    ආර්.එච්.වයිට්හෝන් මහතා

    1924-1925

    37

    සී.එල්.වික්‍රමසිංහ මහතා

    1926-1928

    38

    එස්.එච්.වාඩියා මහතා

    1929

    39

    ඩබ්.ජේ.එල්.රොජර්සන් මහතා

    1930

    40

    වී.කුමාරස්වාමි මහතා

    1931

    41

    ඊ.රොඩ්රිගෝ මහතා

    1932

    42

    ඒ.ඊ.ක්‍රිස්ටෝෆස් මහතා

    1933-1936

    43

    ජේ.ලයිට් මහතා

    1937-1938

    44

    ආර්.එම්.මනිපෙනි මහතා

    1939-1941

    45

    ජී.එල්.ඩි.ඩේවිඩ්සන් මහතා

    1942-1943

    46

    පී.ඕ.ප්‍රනාන්දු මහතා

    1944

    47

    ඩබ්.ඒ.ද සිල්වා මහතා

    1945-1947

    48

    එම්.ශ්‍රී කාන්ත මහතා

    1948

    49

    ඒ.අරුල් ප්‍රගාසම් මහතා

    1949-1951

    50

    සි.ද ෆොන්සේකා මහතා

    1952

    51

    බි.ඒ.දේවරාජා මහතා

    1953-1955

    52

    ඒ.එස්.නවරත්න මහතා

    1956-1959

    53

    ජි.එම්.ස්පාර්ක්ස් මහතා

    1960

    54

    කේ.බි.දිසානායක මහතා

    1961

    55

    වී.රාමනාදන් මහතා

    1962-1963

    56

    ටි.ඒ.එල්.ලුඩෝවයික් මහතා

    1963-1964

    57

    ඒ.අයි. මොහිදීන් මහතා

    1965-1966

    58

    එම්.ටි.ඩබ්.අමරසේකර මහතා

    1966-1967

    59

    එම්.ඩබ්.එස්.ගුණරත්න මහතා

    1968-1969

    60

    පි.පි.පුංචිහේවා මහතා

    1969-1972

    61

    බි.එස්.විජේවීර මහතා

    1973

    62

    ජි.බි.රාජපක්ෂ මහතා

    1974-1977

    63

    ඩබ්.ජයමහ මහතා

    1977

    64

    එච්.සි.ඕ.ඊබට් මහතා

    1977-1978

    65

    එස්.ආර්.වීරකෝන් මහතා

    1978-1981

    66

    ආර්.ඩබ්.පියසේන මහතා

    1981-1982

    67

    එම්.ආර්.පි.මොල්ලිගොඩ මහතා

    1982-1990

    68

    ඩබ්.ඩි.එල්.පෙරේරා මහතා

    1990-1993

    69

    කේ.ඒ.බි.ජේ.පි.ජයසේකර මහතා

    1993-1995

    70

    කේ.ජයලත් මහතා

    1995-1996

    71

    ජේ.එම්.ඩි.සිරිවර්ධන මහතා

    1996-1998

    72

    ජයලත් රවි දිසානායක මහතා

    1998-2003

    73

    එච්.එම්.හේරත් මහතා

    2004-2007

    74

    එම්.කිංස්ලි ප්‍රනාන්දු මහතා

    2008-2015

    75

    මහින්ද සෙනවිරත්න මහතා

    2015

    76

    එන් එච් එම් චිත්‍රානන්ද මහතා

    2015 සිට