අසත්‍ය තොරතුරු හමුවේ කළකිරීමට සහ අධෛර්යට පත් නොවන්න - පුත්තලම දිසාපතිතුමාගෙන් ඉල්ලීමක්

වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ හමුවේ කළකිරීමට පත්ව අධෛර්යට පත් නොවන ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු වලට මැදිහත් වූ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කන්නයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ අතර එම වී තොග මිලට ගැනීමේ යාන්ත්‍රණය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විණි.

වී මිලදී ගැනීම ආකාර දෙකකට සිදු වූ අතර තෙතමනය සියයට 14 ට අඩුනම් එම වී,වී අලෙවි මණ්ඩලය මගිනුත්,තෙතමනය සියයට 14ත් 22ත් අතර වූ වී,කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගිනුත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මිලදී ගැනීම සිදුවිය.

මෙලෙස වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 1,000 ක් පමණ මිලදී ගත් අතර කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා මිලට ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,000 කි.

මෙම කටයුතු සදහා වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.

එම සාර්ථකත්වය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ,අතිරේක දිස්ත්‍රික් ලේකම්,සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්,ග්‍රාම නිලධාරී මහත්වරුන්,සංවර්ධන නිලධාරීන්,කළමණාකරන සේවා නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්, වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්, කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, රාජ්‍ය බැංකු ඇතුළු සියළුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු සියළුම දෙනාගේ ඉමහත් කැපවීමක ප්‍රතිපලයකි.

ඇදිරි නීතිය ඹධ්‍යයේ වුවද වී මිලදී ගැනීමේ කටයුතු සදහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ එම සියළුම දෙනාට සිය ස්තුතිය පුද කරන බවද පවසන දිසාපතිතුමා පෙන්වා දෙන්නේ එය වෙනත් කිසිවෙකුගේ පුද්ගලික ගිණුමට යායුතු ගෞරවයක් නොවන බවයි.

තවද මෙම කටයුතු සදහා පහසුකම් සැලසූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයට සිය ගෞරවය සහ ස්තූතිය පුදකරන බවද පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කය අති සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියනු ලබන දිස්ත්‍රික්කයක්. මන්නාරම මෝදරගම් ආරු සිට කොච්චිකඩේ දක්වා වන එම සුන්දර වෙරළ තීරයේ දිග කිලෝමීටර් 271 ක් තරම්.මෙම වෙරළ තීරය පිරිසිදු කර ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් සංචාරක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සමන් ප්රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

 

1 w1 2 w2
3 w3 4 w4

 

වර්තමාන රැකියා වෙළදපලට ගැලපෙන ලෙස අපගේ දරු පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීම ඉලක්ක කර ගත් නව ආරක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පැවැත්විණි.
මීට අදාළ යෝජනාව පූජ්‍ය වඩත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කළ අතර නව පාඨමාලා රැසක් මෙමගින් ආරම්භ කිරීමට නියමිතයි.
පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැති මෙම සාකච්ඡාවට ආණමඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් දීපිකා චාන්දනී මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

84521956 118733806354782 9015715878536216576 o

84172376 118733836354779 1467724542771200000 o

පුත්තලමේ ගොවි ගැටළු,දිසාපතිතුමාගේ විශේෂ අවධානයට-
වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය භාරව කටයුතු කරන හිටපු ප්‍රාදේශීය ලේකම් පොඩිනේරිස් මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක් වූ අතර වන අලි ගැටළුව,කෘෂිකර්ම නවෝත්පාදන,වාරි කර්මාන්ත නගා සිටුවීම,අසාර්ථක වූ ව්‍යාපෘති යලි පණ ගැන්වීම,කිරි ගොවි ගැටළු යනාදී කාරණා රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

Wew Gam Pubudu 1

Wew Gam Pubudu

Wew Gam Pubudu 2

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේන් ඒ සදහා නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ කෙරුණා.පුත්තලම දිස්ත්‍රික් නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ අද දිනයේ මෙම කටයුතු ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරුණු බවයි.

 

Yp 3

Yp 2

Yp 3