2021 නව වසර ඔබට හා ඔබ සැමට සාමය සතුට හා නිරෝගිමත් සුබ නව වසරක් වේවා! පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලය °°° உங்களுக்கும் உங்கள் அனைவருக்கும் மலர்ந்திருக்கும் 2021 புத்தாண்டு அமைதி, மகிழ்ச்சி மற்றும் ஆரோக்கியமான ஆண்டாக அமைய வாழ்த்துகிறோம். ~ புத்தளம் மாவட்ட செயலாளர் மற்றும் அலுவலர்கள் °°° We wish you and all of you a prosperous 2021 New Year of Peace, Happiness and Health. ~ Puttalam District Secretary and Staff °°°

අසත්‍ය තොරතුරු හමුවේ කළකිරීමට සහ අධෛර්යට පත් නොවන්න - පුත්තලම දිසාපතිතුමාගෙන් ඉල්ලීමක්

වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ හමුවේ කළකිරීමට පත්ව අධෛර්යට පත් නොවන ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු වලට මැදිහත් වූ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කන්නයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ අතර එම වී තොග මිලට ගැනීමේ යාන්ත්‍රණය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විණි.

වී මිලදී ගැනීම ආකාර දෙකකට සිදු වූ අතර තෙතමනය සියයට 14 ට අඩුනම් එම වී,වී අලෙවි මණ්ඩලය මගිනුත්,තෙතමනය සියයට 14ත් 22ත් අතර වූ වී,කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගිනුත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මිලදී ගැනීම සිදුවිය.

මෙලෙස වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 1,000 ක් පමණ මිලදී ගත් අතර කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා මිලට ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,000 කි.

මෙම කටයුතු සදහා වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.

එම සාර්ථකත්වය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ,අතිරේක දිස්ත්‍රික් ලේකම්,සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්,ග්‍රාම නිලධාරී මහත්වරුන්,සංවර්ධන නිලධාරීන්,කළමණාකරන සේවා නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්, වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්, කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, රාජ්‍ය බැංකු ඇතුළු සියළුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු සියළුම දෙනාගේ ඉමහත් කැපවීමක ප්‍රතිපලයකි.

ඇදිරි නීතිය ඹධ්‍යයේ වුවද වී මිලදී ගැනීමේ කටයුතු සදහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ එම සියළුම දෙනාට සිය ස්තුතිය පුද කරන බවද පවසන දිසාපතිතුමා පෙන්වා දෙන්නේ එය වෙනත් කිසිවෙකුගේ පුද්ගලික ගිණුමට යායුතු ගෞරවයක් නොවන බවයි.

තවද මෙම කටයුතු සදහා පහසුකම් සැලසූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයට සිය ගෞරවය සහ ස්තූතිය පුදකරන බවද පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.